slsoftmania.blogspot.com ඔබත් අප සමග එක් වන්න පරිගණක ලෝකයේ දැණුම බෙදා ගන්න....

Friday, January 29, 2016

වෙබ් භාෂා භාවිත නොකර වෙබ් අඩවියක් සදා ගන්නා හැටි.

   
     වෙබ් අඩවියක් නිර්මාණය කර ගන්නට හෙවත් වෙබ්ඩිසයින් වැඩ කරගන්නට ඊට උචිත පරිගණක භාශාවක් දන සිටිය යුතුය. එහෙත් ඒ කිසිම ප්‍රවීන තාවයක් නැතිව වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට යොදා ගත හැකි විවිද පරිගණක වැඩසටහන් දැන් තිබේ. Web Page Maker  යනු එවැනි වැඩසටහනකි මෙම වැඩසටහන උපයෝගී කරගෙන අලංකාර වෙබ් අඩවියක් ඉතා පහසුවෙන් නිර්මාණය කර ගන්නට පුළුවන. 

   වෙබ් අඩවි වල මුලික ස්වරුපය හෙවත් ටෙම්ප්ලේට් තොගයක් මෙම වැඩසටහන සපයා දී තිබේ.එනිසා Text, Images, Music, Video යනාදී ඔබ්ජෙක්ට්ස්යනාදිය කැමති තාලයකට මෙම ලේ අවුට් වලට එක් කර ගන්නට පුළුවන.

    මෙම Web Page Maker මෘදුකාංගයේ අත්හදා බැලීමේ පිටපතක් webpage-maker.com  වෙබ් අඩවියෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කර ගත හැක. මෙය ඩවුන්ලෝඩ් කරගත් විට ලැබෙන්නේ wpm යන නමින් සෙටප් වැඩසටහනකි. මෙය ක්‍රියාත්මක වන්නට අන්තර්ජාල සම්බන්දතාවයක් අවශ්‍ය නැත. 

    වැඩසටහන ස්ථාපනය(Install) කිරීමෙන් අනතුරුව එයට පිවිසිය යුතුය. එයට Start → Web page maker හැර පිවිස ඇප්ලිකේෂන් වින්ඩෝව විවෘත කරගත හැක. මෙහි ඇති ටුල්ස් භාවිත කර වෙබ් පිටු සැලසුම් කර හැක.

වෙබ් පිටුව සැකසා ගැනීම.

   මුලින්ම කල යුත්තේ සකසන වෙබ් අඩවිය සේව් කිරීම සඳහා ෆෝල්ඩර් එකක් සැකස ගැනීමයි. එය කල යුත්තේ සාමාන්‍ය විදිහට File → Save යන්න හරහා මගිනි. ඉන් අනතුරුව වෙබ් අඩවියේ ප්‍රොපටිස් සැකසිය යුතුය. ඇප්ලිකේෂන් වින්ඩෝවෙහි හිස් තැනක් මත රයිට් ක්ලික් කර විට ලැබෙන මෙනු එකෙන් Properties යන්න ලබා ගත යුතුය. මෙවිට Page Properties ඩයලොග් බොක්ස් එක විවෘත වෙයි. මෙහි මුලුක සැකසුම් කිරීමට Meta Tag නම් ටැබ් එක සිලෙච්ට් කල යුතුය.මෙහිදී සිදු කල හැකි සැකසුම් මෙසේය.
  • Title - වෙබ් පිටුවේ මාතෘකාව මෙහි සටහන් කල හැක.
  • Author - වෙබ් පිටුවේ ලේකකයාගේ නම මෙහි සදහන් කල හැක.
  • Keyword - සර්ච් රිසල්ට් වල වෙබ් අඩවිය පෙන්විය යුත්තේ කුමන මාතෘකා යටතේද යන්න මෙතන දැක්විය හැක.
  • Description - වෙබ් පිටුව ගැන හැදින්වීමක් මෙහි සිදු කල හැක.

වෙබ් පිටුවේ පසුබිම සැකසීම.

    වෙබ් පිටුවේ පසුබිමට අදාල සැකසුම් කිරීමට Page Properties → Background යන ටැබ් එක සිලෙක්ට් කල යුතුය. 
  • Background Image - වෙබ් පිටුවේ පසුබිම් ඉමේජයක් දීමට Browse නම් බට්න් එක ක්ලික් කර පසුබිම් ඉමේජයක් තොර ගත හැක.
  • Fixed Background - පිටුව ස්ක්‍රෝල් කරන විට රුපය ස්ක්‍රෝල් නොවී එකම තැනක තිබිය යුතුනම් මෙම චෙක් බොක්ස් එක සිලෙක්ට් කර යුතුය.
  • Repeat - පසුබිම් ඉමේජයේ පිටපතක් නැවත නැවත යෙදිය යුතුනම් මෙය තිර දිය යුතුය.  එසේ අවශ්‍ය නැතිනම් No Repeat යන්න තෝරා දිය යුතුය.
  • Horizontal - ඉමේජය සිරස් අතට පිහිටුවිය හැක.
  • Vertical - ඉමේජය තිරස් අතට පිහිටුවිය හැක.
  • Background Music - මෙමගින් වෙබ් පිටුවට පසුබිම් වාදනයක් තොර දිය හැක. ඒ සදහා Browse නම් බට්න් එක ක්ලික් කර පසුබිම් ගීත කාණ්ඩය තොර දිය හැක. 
  • Loop - සංගීත කාණ්ඩය වාදනය විය යුතු වාර ගන්න සැකසිය හැක.

පසුබිමේ පෙනුම සැකසීම. 

සකසන වෙබ් පිටුවේ පසු බිම් පෙනුම සැකසිය යුත්තේ Appearance ටැබ් එක හරහා යමිනි. එහි කල හැකි වෙනස් කම් කීපයක් මෙසේය.
  • Align - වෙබ් පිටුව බ්‍රව්සර් එක මද පිහිටා තිබිය යුතුනම් Center  යන්න මේ තුලින් තේරිය යුතුය.
  • Background Color -පසුබිම් වර්ණය මේ තුලින් තේරිය හැක.

අලුත් වෙබ් පිටුවක් ලබා ගැනීම.

දැනට වැඩ කරන පිටුවට අමතරව තවත් පිටුවක් අවශ්‍යනම් ඉහලින් ඇති Add New Page නම් ටැබ් එක ක්ලික් කර යුතුය. මෙවිට පිටුව ලැබෙන්නේ page2 යන නමිනි. දැන් එය සිලෙක්ට් කොට යතුරු පුවරුවේ F2 යතුර තද කොට මෙම වෙබ් පිටුවට සුදුසු නමක් යෙදිය හැක. එසේම මෙම වෙබ් පිටුව සිලෙක්ට්ව තිබියදී සයිට් පැනල එකෙහි ඇති Clone Page බට්න් එක ක්ලික් කළහොත් වෙබ් පිටුවේ පිටපතක් ලබා ගත හැක.

වෙබ් පිටුවට ටෙක්ස්ට් එක් කිරීම.

මේ සඳහා Insert → Text යන්න ලබා ගත යුතුය. මෙවිට ටෙක්ස්ට් බොක්ස් එකක් ලැබේ. මේ තුල සිට මවුස් එක ඩබල් ක්ලික් කර විට Text Editor වින්ඩෝව ලබා ගත හැක. සිංහලෙන් ටයිප් කල යුතුනම් සිංහල යුනිකෝඩ් අකුරු භාවිත කල යුතුය.

වෙබ් පිටුවට ඉමේජ් එක් කිරීම.

මේ සඳහා Insert → Image යන්න ලබා ගත යුතුය. මෙවිට ලැබෙන සුබ මෙනු එකෙන් From File යන්න තොර ගත යුතුය. මෙම වැඩසටහන සමගද ඉමේජස් සපයා දෙයි. ඒවා ලබා ගැනීම සඳහා Insert → Image → From Library යන්න ලබා ගත යුතුය.

වෙබ් පිටුවට ඉමේජ් ගැලරි එකක් එක් කිරීම.

මේ සඳහා Insert → Image Object → Photo Gallery යන්න හරහා ය යුතුය. මෙවිට Photo Gallery නම් බොක්ස් එක විවෘත වෙයි. මෙහි ඇති General ටැබ් එකෙහි ඇති ඔප්ෂන්ස් ඇසුරෙන් ඉමේජයට විදාන දී Add බට්න් එක ක්ලික් කල යුතුය. එවිට Photo Gallery එක වෙබ් පිටුවට සම්බන්ද වෙයි. මෙම සකස් කර ගත Photo Gallery එකේ ඕනෙම ඉමේජයක් මත ක්ලික් කර විට එය විශාල වි පෙනේ.

වෙබ් පිටුවට වර්ඩ් ආර්ට් එකක් එක් කිරීම.

මේ සඳහා Insert → Image Object → WordArt යන්න හරහා ය යුතුය. එවිට WordArt  Gallery නම් බොක්ස් එක විවෘත වෙයි. මෙමගින් අවශ්‍ය සැකසුම් සිදු කර වෙබ් පිටුවට වර්ඩ් ආර්ට් එකක් එක්කර ගත හැක.

හයිපර් ලිංක් දීම.

ඉමේජයකට හෝ ටෙක්ස්ට් එකකට හයිපර් ලිංක් යෙදිය හැක. එවිට එම ඉමේජය හෝ ටෙක්ස්ට් කොටස මත ක්ලික් කර විට එමගින් සම්බන්ද තාවය ලබාදෙන වෙබ් පිටුවක් විවෘත කර ගත හැක. මෙය සිදු කිරීම සදහා ඉමේජය හෝ ටෙක්ස්ට් එක සිලෙක්ට්ව තිබියදී Insert → Hyperlink යන්න ලබා ගත යුතුය. එවිට Hyperlink නම් බොක්ස් එක විවෘත වෙයි. මෙහිදී මෙයට සම්බන්ද සෙටින්ග්ස් සැකසා Ok කල යුතුය.

නැවිගේෂන් බාර් යෙදීම.

වෙබ් පිටුවට නවිගෂන් බර් එකක් එක් කර වෙබ් පිටුව වඩාත් අලංකාර කර ගත හැක. මේ සදහා Insert → Navigation Bar යන්න ලබා ගත යුතුය. එවිට Select Navigation Bar Style නම් බොක්ස් එකක් විවෘත වෙයි. මෙහිදී මෙයට සම්බන්ද සෙටින්ග්ස් සැකසා Ok කල යුතුය.

ඉහත සදහන් දේවල් වලට අමතරව පහත සදහන් දේද මෙම වැඩසටහන මගින් වෙබ් පිටුවට පහසුවෙන් එක් කර ගත හැක. 

  • Horizontal Line
  • Table
  • Flash Movie
  • Marquee Text
  • Frame......etc.

ටෙම්ප්ලේට් භාවිත කිරීම.

වැඩසටහන මගින් සපයා ඇති ටෙම්ප්ලේට් මගින් වෙබ් අඩවි සැකස ගත හැක. මේ සඳහා File → New Site From Template යන්න ලබාගෙන ලැබෙන Select a Template නම් බොක්ස් එකෙන් අවශ්‍ය ටෙම්ප්ලේට් තොර ගත හැක.

වෙබ් පිටුවේ ප්‍රිවිව් බැලීම.

මේ සඳහා File →Preview In Browser යන්න තේරිය යුතුය.

අන්තර්ජාලයට එක් කිරීම.

සකස් කරගත් වෙබ් පිටු සමුහය හෙවත් වෙබ් අඩවිය අන්තර්ජාලයට එක් කරන්නට සාමාන්‍ය පරිදි වෙබ් හොස්ටින්ග් සේවාවක් ලබා ගත යුතුය. දැන් File → Publish යන්න තොර දිය යුතුය. මෙවිට Publish නම් බොක්ස් එක විවෘත වෙයි. දැන් එහි ඇති Publish Destination යන්න තුලින් New බට්න් එක ක්ලික් කර රිමෝට් සයිට් සෙටින්ග් සැකසිය යුතුය. පසුව Page Potion ටැබ් එක තුලින්ද අවශ්‍ය සැකසුම් කර Publish නම් බට්න් එක ක්ලික් කර යුතුය.



Share:

0 comments:

Post a Comment

The Best Sri Lankan Blog Sl soft Mania

The Best Sri Lankan Blog Sl soft Mania
.

අපේ FaceBook Page එකට මෙතනින් යන්ඩ.

Popular Posts

Powered by Blogger.

Featured Post

ඉන්ධන සහිත බටරි චාජරය

     අපිට තියන ලොකු ප්‍රශ්නයක් තමයි අපගේ ජංගම දුරකතනයේ බැටරි බහින එක. අපිට චාජ් කරගන්ඩ ඕනේ උනත් හැමතැනම විදුලිය නැනේ. එකට විසදුමක් ලෙස ඉ...

Business

Powered By Blogger

Follow Me