slsoftmania.blogspot.com ඔබත් අප සමග එක් වන්න පරිගණක ලෝකයේ දැණුම බෙදා ගන්න....

Tuesday, January 26, 2016

5G තාක්ෂනය සාර්ථකව අත් හද බැලෙයි


 ෆයිව් ජි (5G) තාක්ෂනය යොදාගෙන දත්ත හුවමාරු කරන්නට ඇමරිකාවේ සරේ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති. තත්පරයකට ටෙරා බයිට් එකක (1Tbps) වේගයෙන් කල මෙම දත්ත හුවමාරුව යටතේ සාමාන්‍ය ප්‍රමාණයේ චිත්‍රපට 100ක් තත්පර 3කදි ඩවුන්ලෝඩ් කල හැක. මෙය දැන් තිබෙන ෆෝ ජි තාක්ෂණයට වඩා හැටපන්දහස් වාරයක් වැඩි (*65000) වේගයකි. වසර 2018 වෙන විට දියුණු රටවල මෙම තාක්ෂනය යොදාගෙන දත්ත හුවමාරු කල හැකිවාක් මෙන්ම  2020දි ලෝකයේ බොහෝ රටවල දත්ත හුවමාරුවට ෆයිව් ජි තාක්ෂනය යොදා ගත හැකි වෙතයි අපේක්ෂා කෙරේ.

1980 දශකයේ දුරකතන සන්නිවේදන තාක්ෂනය ඉදිරිපත් වීමත් සමග සෑම අවුරුදු 10ක් පාසාම වගේ එහි කැපී පෙනෙන වෙනසක් සිදුවී තිබේ. දශකයට පසුව දියුණුව එන මෙම අලුත් තාක්ෂනය එක් පරම්පරාවක් (Generation)  සේ සැලකේ. ඒ අනුව 1981දි හදුන්ව දුන් ඇනලොග් සෙලියුලර් තාක්ෂනය (Analog Cellular Network) පළමු පරම්පරාවයි (1G). 1992දී ඩිජිටල් සෙලියුලර් තාක්ෂනය (Digital Network) දෙවන පරම්පරාවයි(2G). 2001කේ පටන් තුන්වෙනි පරම්පරාවේ (3G) තාක්ෂනය (IP Data Network) භාවිත කෙරේ. දැන් භාවිත කෙරෙන අලුත්ම තාක්ෂනය හතර වෙනි පරම්පරාවේ (4G-LTE) තාක්ෂණයයි.



Share:

0 comments:

Post a Comment

The Best Sri Lankan Blog Sl soft Mania

The Best Sri Lankan Blog Sl soft Mania
.

අපේ FaceBook Page එකට මෙතනින් යන්ඩ.

Popular Posts

Powered by Blogger.

Featured Post

ඉන්ධන සහිත බටරි චාජරය

     අපිට තියන ලොකු ප්‍රශ්නයක් තමයි අපගේ ජංගම දුරකතනයේ බැටරි බහින එක. අපිට චාජ් කරගන්ඩ ඕනේ උනත් හැමතැනම විදුලිය නැනේ. එකට විසදුමක් ලෙස ඉ...

Business

Powered By Blogger

Follow Me